දින 09 කින් සඳ එළිය පරදවන වස්තූන් 100ක් අහසට එන හැටි

Sunday, 04 December 2016 - 13:01

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+09+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+100%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
සඳ එළිය පරදවන දීප්තියකින් යුත් උල්කා වර්ෂාවක් ලබන 13 වනදා සිට පෘථිවිවාසීන්ට දැකගත හැකිවන බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

ඔවුන් කියා සිටින්නේ මෙහිදී උල්කා 100 ක් පමණ පෘථිවි වායු ගෝලයට පිවිසෙනු ඇති බවයි.

මිථුන හෙවත් ජෙමිනි රාශිය කේන්ද්‍ර කොටගෙන ඇතිවන මෙම උල්කා වර්ෂාව හඳුන්වා ඇත්තේ ජෙමිනිඩ් යන නමින්.

තවත් දින 9 කින් සිදුවන මෙම විචිත්‍රවත් උල්කා වර්ෂාව දෙවැනි වන්නේ අගෝස්තු මාසයේ සිදුවූ පර්සීඞ් උල්කා වර්ෂාවට පමණක් බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.