මහඇමතිවරු ආණ්ඩුවට එරෙහිව නඩු මඟට (ඡායාරූප)

Sunday, 04 December 2016 - 17:31

%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B6%9F%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා වෙන් කළ මුදල් කප්පාදුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පළාත් 9 මහඇමතිවරුන් තීරණය කර ඇතැයි උතුරුමැද පළාත් මහඇමති පේශල ජයරත්න ප්‍රකාශ කළා.

ඒ පොළොන්නරුවේ අද පැවති උත්සවයක් අමතමින්.

මේ අතර, උතුරුමැද පළාත් මහඇමති පේශල ජයරත්න ගමන් කළ ජිප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් මැල්සිරිපුර - මඩගල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුර සිදුවුණේ සීගිරිය - මයිලත්තෑව සහ අලකොළවැව අතර ප්‍රදේශයකදීයි.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති අතර, ජිප් රථයේ රියදුරු එම රථය ද සමඟ පසුව දඹුල්ල පොලිසියට භාරවී තිබුණා. අනතුරුව, සැකකරු සහ ජිප් රථය පරීක්ෂණ සඳහා සීගිරිය පොලිසියට භාර දී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් විමසීමට අප මහඇමති පේශල ජයරත්න ඇමතුවත් ඔහුගේ දුරකථනයට ප්‍රතිචාර දැක්වූ ආරක්ෂක නිලධාරින් කියා සිටියේ මහඇමතිවරයා ආසන බලමණ්ඩල රැස්වීමකට එක්ව සිටින බවයි.




 

ඡායාරූප-  කාංචන අාරියදාස