තිස්ස අත්තනායකට ඇප

Monday, 05 December 2016 - 10:43

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කූට ලේඛන සකස් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ මහාධිකරණය නියෝග කළේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමටයි.

ඊට අමතරව මොහුට විදෙස් ගමන් තහනමක්ද මහාධිකරණ විනිසුරුවරිය පනවනු ලැබුවා.

මෙම නඩුව ලබන වසරේ මාර්තු මස 20 වනදා සිට අඛන්ඩව විභාගය කිරීමටයි අධිකරණයේදී තීරණය කෙරුණේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූට ලේඛණ සකස් කිරීම ඇතුකම චෝදනා 3 ක් යටතේ හිටපු මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබෙනවා.