ආනන්ද අලුත්ගමගේ බුරුත අත්තක් පාර්ලිමේන්තුවට පෙන්වයි

Monday, 05 December 2016 - 13:43

%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේදි පසුගිය සෙනසුරාදා ඒකාබද්ධ විපක්ෂයේ පළාත්පාලන ආයතන නියෝජිතයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇතිවුණා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පෙරවරුවේ කථානායකවරයාගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය කුමක්ද යන්නයි.

ඒ සමඟම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු දැක්වීමත් සමඟ සභාවේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ බුරුත අත්තක් පාර්ලිමේන්තුවට රැගෙන ඒම ද කථාබහට ලක්වූ මාතෘකාවක්.

ඒ පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මෙලෙස බුරුත අත්තක් පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබුණේ.

මේ අතර ක්‍රීඩා, සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද දිනයේදී කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනෙනවා.