අදත් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක්

Monday, 05 December 2016 - 13:49

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණ පැවැත්වීම මේ දිනවල සුලබ දසුනක් බවට පත්ව තිබෙනවා.

රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල නිහඩ විරෝධතාවක නිරතවන්නේ මෙවර අයවැයෙන් සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඉටු කර නොමැති බව පවසමින්.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර නොවන ආකාරයෙන් මාර්ගය දෙපස සිට විරෝධතාවයේ නිරත වන ලෙසට අධිකරණයෙන් ලබාගත් නියෝගයක් වැලිකඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාකරුවන්ට භාරදෙනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයේ නිරතවනවා.

ඒ, බඳවාගැනීම් ඉහළ දැමීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.