Update : ජයලලිතා මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කලත්, මාධ්‍ය වාරතා අසත්‍ය බව රෝහල ප්‍රකාශ කරයි

Monday, 05 December 2016 - 17:39

Update+%3A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 5 වරක් මහඇමති ධුරය දැරූ ජයලලිතා ජයරාම් අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව තමිල්නාඩු දෙමළ මාධ්‍ය රැසක් වාර්තා කළා.

කෙසේ නමුත්, ඇය ප්‍රතිකාර ලබන චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇය තවමත් ජීවතුන් අතර සිටින බවයි.

එහෙත් හදිසි හදවත් ආබාධයකට ලක්වූ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මේ වන විට එක්මෝ හෙවත් ජීවිතාරක්ෂක ඔක්සිජන් සැපයුම් යන්ත්‍රයට සම්බන්ධ කර ඇති බව එමගින් කියා සිටියා.

එමෙන්ම ඉදිරි පැය 24 තුළ ඇගේ තත්ත්වය තීරණාත්මක වන බවයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජයලලිතාට ප්‍රතිකාර ලබාදෙන එංගලන්තයේ සිට පැමිණි විශේෂඥ වෛද්‍ය රිචඞ් බීල් කියා සිටියේ ඇයට ලබාදිය හැකි සියලු  ප්‍රතිකර්ම ලබාදී ඇති අතර, ඇගේ තත්ත්වය අතිශය බරපතල බවයි.

පසුගිය සැප්තැම්බර් 22 වන දා සිට රෝහල්ගතව සිටින ඇයට හෘදයාබාධයක් ඇති වී තිබෙන්නේ ඊයේ රාත්‍රියේදියි.

ඒ අනුව ඇයට අද උදෑසන හදවත් ශල්‍යකර්මයක් ද සිදුකර තිබෙනවා.

මේ අතර, ජයලලිතාගේ ආධාරකරුවන් චෙන්නායි ඇපලෝ රෝහල අසළ රැදී සිටින අතර, කර්ණාටක ප්‍රාන්තය තමිල්නාඩුව වෙත බස් ගමනාගමනය ද අත්හිටුවනු ලැබුවා.

තමිල්නාඩු ප්‍රාන්තය පුරා පොලීසිය සීරුවෙන් තබා ඇත්තේ ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුවයි.

චෙන්නායි නුවර ඇපලෝ රෝහල අසළ රැදී සිටින ජයලලිතාගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අතර, ඔවුන් මාර්ග බාධක බිදගෙන ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළේ පොලීසියට ද ගල් මුල් ප්‍රහාර එල්ල කරමින්.

ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබූ අතර, පක්ෂ මූලස්ථානයේ ධජය අඩකුඹු කර ඇත්තේ ජයලලිතාගේ අවසානය සනිටුහන් කරමින්.

රෝහල ඉදිරිපිට සජීවී දර්ශන පහතින්.




Update : Monday, December 5, 2016 18.06
------------------------------------------------------

දකුණු ඉන්දීය මහඇමති ජයලලිතා ජයරාම් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා

පසුගිය සැප්තැම්බර් 22 වන දා සිට රෝහල්ගතව සිටින ඇයට හෘදයාබාධයක් ඇති වී තිබෙන්නේ ඊයේ රාත්‍රියේදියි.

මේ අතර ජයලලිතා ජයරාම්ගේ පාක්ෂිකයන් විශාල ලෙස රෝහල ඉදිරිපිට රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

රෝහල ඉදිරිපිට සජීවී දර්ශන පහතින්.