කැප්පෙටිපොළ දිසාවේ රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට නිර්දේශ

Monday, 05 December 2016 - 18:51

%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%93+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
1818 උඩරට කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළ දිසාවේ රාජ්‍යද්‍රෝහියෙකු කළ ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයින් 19 දෙනෙකු ද්‍රෝහීන් ලෙස සලකා එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් 1818 ජනවාරි මස 10 වන දා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.  

වසර 200කට ආසන්න කාලයක් තුළ එම ගැසට් පත්‍රය අවලංගු කර නොමැති බැවින් ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ නායකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.

එමෙන්ම ඔවුන් ජාතික වීරවරයන් ලෙස නම් කරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා මෙමගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව උඩරට කැරැල්ලට සම්බන්ධ වූ කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුළු අනෙකුත් උඩරට නායකයින්ගේ පවුල්වලට සම්බන්ධ යම් තොරතුරක් හෝ ඥාතීන් සිටින්නේ නම් ඊට අදාළ තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය, මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.