මාර්ග නීති උල්ලංඝණය කිරීම් වලට ඉදිරියේදී නව දඩ පත්‍රිකාවක්

Monday, 05 December 2016 - 19:02

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B6%A9+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රථ වාහන නීති උල්ලංඝණය කිරීම් සඳහා ඉදිරියේදී නව දඩ පත්‍රිකාවක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර ප්‍රකාශ කළා.

රථ වාහන වැරදි 7ක් සඳහා රුපියල් 25,000 දක්වා දඩ මුදල් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රවාහන වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා පත් කළ කමිටුව අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.  

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීරගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට පොලිසිය, නීතිපති අංශයේ නිලධාරින්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි ද ඇතුළත්.

අද පැවති සාකච්ඡාවට පසුගිය දා වර්ජනයේ නිරත වූ බස් සංගම් සහ ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන් සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ද එක්ව සිටියා.

පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ් සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු කියා සිටියේ නව දඩ පත්‍රිකාවක් නිර්මාණය කරන තුරු වර්තමානයේ පවතින දඩ පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය කළ බවයි.