තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා රාත්‍රියේම පත්වෙයි

Tuesday, 06 December 2016 - 7:13

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු හිස්වූ එරට මහ ඇමති ධුරයට O .Panneerselvam පත්කර ඇති බවට දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පත්වීම ඊයේ රාත්‍රියේදීම සිදුකර ඇති බවටයි දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම  O .Panneerselvam වෙත ADMK පක්ෂයේ නායකත්වයද ලබාදී ඇති බවටයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔහු මීට පෙර මාස තුනක කාලයක් තමිල්නාඩුවේ මහඇමති ධුරය හොබවා තිබෙනවා.

ඒ මහඇමතිනී ජයලලිතා ජයරාම් සිරගත වූ අවස්තාවෙදීයි.

මේ අතර තමිල්නාඩුවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇති අතර තමිල්නාඩු පාසල්ද දින තුනක් නිවාඩු ලබාදී තිබෙනවා.