අම්බලන්ගොඩ කම්පා කරවමින් මව, පියා සහ පුතු වෙඩි තබා ඝාතනය කරයි

Tuesday, 06 December 2016 - 7:19

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානය තුළ සිටින අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි පියා, 27 හැවිරිදි මව සහ සිව් හැවිරිදි ඔවුන්ගේ කුඩා දරුවායි.

එම ස්ථානයේ තිබී ටී - 56 හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු හමුවී ඇති බව ද සඳහන්.

මිය ගිය තිදෙනාගේ සිරුරු මේ වන විට බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.