රුසියාව සහ ශ්‍රී ලංකාව අතර නව සබඳතා

Tuesday, 06 December 2016 - 7:37

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F
ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව රුසියාව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගෙන වසර 60ක් ගතවීම නිමිත්තෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෙළඳ සහ ආර්ථික කටයුතු මෙන්ම විද්‍යා හා තාක්ෂණය ද ඇතුළත්ව රුසියානු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුවක් ලබන වසරේ ජනවාරි මාසයේ පිහිටුවන බව ද ඔහු කියා සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන වසරේ රුසියාවේ සංචාරයක නිරත වන අතර, මාර්තු 23 වන දා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ මොස්කව් නුවර දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු හෙළිදරව් කළා.

රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රුසියානු සංචාරය දශක ගණනාවකින් සිදුවන ශ්‍රී ලංකා නායකයෙකුගේ ප්‍රථම සංචාරය වනු ඇති බවයි.

කථානායක කරු ජයසූරිය ද ලබන වසරේ ජුනි හෝ ජූලි මාසවලදී රුසියාවේ සංචාරය කිරීමට නියමිත අතර, 2017 දෙරට අතර සබඳතාවල නව පිටුවක් පෙරළෙන වසරක් වනු ඇති බවට රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා විශ්වාසය පළ කළා.