අද පස්වරුවේ දිවයිනේ පළාත් රැසකට වැසි

Tuesday, 06 December 2016 - 13:58

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද පස්වරු 2න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක් පැවතුණා.