ආබාධිත හමුදා සෙබලෙකුට කටුගස්තොටදී උණු වතුර ප්‍රහාරයක්

Tuesday, 06 December 2016 - 14:04

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රිරෝද රථයක නිදාගෙන සිටි ආබාධිත සෙබලෙකුට එල්ල වූ උණු වතුර ප්‍රහාරයකින් ඔහු පේරාදෙනිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

යුද හමුදාවේ සේවය කරමින් සිටියදී ආබාධිත වී ඇති මෙම සෙබලා සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ජීවිකාව සිදුකරගෙන ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයක් පැදවීමෙන්.

ඊයේ රාත්‍රියේ මොහු අදාළ ත්‍රිරෝද රථය කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි සිය සොහොයුරෙකුගේ නිවසක් අසල නවත්වා එහි නිදාගෙන සිට තිබෙනවා.

එහිදී එල්ල වූ උණු වතුර ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් මොහුව පේරාදෙනිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ අතර, මේ වන විට ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ප්‍රහාරයෙන් පසු මෙම ආබාධිත සෙබලාගේ බිරිඳ අතුරුදන්ව ඇති අතර, පවුල් ආරවුලක් මත මෙය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.


සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More