ආගම් අතර සංහිඳියාව ගොඩනගන්න ක්‍රියාකාරී කමිටුවක්

Wednesday, 07 December 2016 - 7:07

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සියලු ආගම් අතර සංහිඳියාව ගොඩනැගීමට පූර්ණකාලීනව කටයුතු කරන විශේෂ ක්‍රියාකාරී කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඊට බුද්ධශාසන, ක්‍රිස්තියානි කටයුතු, හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් නම් කරන නියෝජිතයන් ඇතුළත් විය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළ කළේ ආගමික සංහිඳියාව පිළිබඳව සර්වාගමික නායකයන් සමඟ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් මතුව ඇති ගැටළු පිළිබඳව අන්තර් ආගමික මණ්ඩලයක් මගින් විසදුම් සෙවීමටද මෙහිදී අවධානය යොමු වුණා.