සූරියවැව රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටි ඇණ ගනී

Wednesday, 07 December 2016 - 7:44

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සූරියවැව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා තමන්ට පහරදුන් බව පවසමින් එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයෙකු රෝහල් ගතවූ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

අප මේ සම්බන්ධයෙන් ගැටුම ඇතිවූ බව කියන දෙපාර්ශවයෙන්ම කරුණු විමසූ අතර, සිද්ධියෙන් පහරකෑ බව කියන වෛද්‍ය නිලධාරී දහම්සිරි හෙට්ටිආරච්චි කියා සිටියේ රෝහල් පරිශ්‍රයේදී ගීතයක් සඳහා රූපරචනාවක් පටිගත කරමින් සිටියදී අදාළ වෛද්‍යවරයා පැමිණ තමන්ට මෙම පහරදීම සිදුකළ බවයි.

අප මේ සම්බන්ධයෙන් පහරදුන් බව කියන සූරියවැව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගෙන්ද විමසීමක් කළා.

එහිදී රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සී.වීරසිංහ සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා පවසන ආකාරයෙන් තමන් ඔහුට කිසිදු පහරදීමක් සිදු නොකළ බවයි.  

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම පැමිණිලි ගොනුකර ඇති අතර, සූරියවැව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.