අමතර කොටස් මුවාවෙන් ගෙන් වූ කෝටි දෙක හමාරක වාහන රේගුව භාරයට

Wednesday, 07 December 2016 - 9:32

%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ජපානයේ සිට වාහන අමතර කොටස් රැගෙන එන මුවාවෙන් මෙරටට ආනයනය කරන ලද වාහන 4 ක් අඩංගු කන්ටේනරයක් රේගු නිලධාරීන් විසින් ඊයේ සිය භාරයට ගෙන තිබෙනවා.

මෙරට පෞද්ගලික සමාගමක නමින් මෙම වාහන අඩංගු කන්ටේනරය ලියාපදිංචි කර ඇති අතර,එය පරීක්ෂා කිරීමේදී එහි තිබී මෝටර් රථ දෙකක්, වෑන් රථයක් හා ඩබල් කැබ් රථයක් සොයා ගැණුනා.

වාහනවල වටිනාකම රුපියල් මිලියන 25 ක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසිරි කහදව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.