වසීම් තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයන් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධතාවක

Wednesday, 07 December 2016 - 11:46

%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ් පවුලේ උදවිය සහ හිත මිතුරන් අද කොළඹ මහාධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වුණා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ හිටපු අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සඳහන් කර තිබූ පුවරු රැගෙන මොවුන් මෙලෙස නිහඩ විරෝධතාවයේ නිරත වූ බවයි.

හදිසි අනතුරකින් මියගිය බවට මුලදී නිගමනය කර තිබූ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව රහස් පොලිසිය පසුව කළ විමර්ශනවලදී අනාවරණ වුණා.

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.