ගාලුමුවදොර ඉදිකරමින් තිබූ ලොව උසම නත්තල් ගසේ වැඩ නතර කරයි

Wednesday, 07 December 2016 - 12:18

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාලුමුවදොර පිටියේ ඉදිවෙන ලොව උසම නත්තල් ගස සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශයෙන් අනතුරුව නත්තල් ගස ඉදිකිරීමේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පැවසුවේ මේ වන විට නත්තල් ගසේ ඉදිකිරිම් කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් වි ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ සහ වරාය නිලධාරින් අතර, අද සවස සාකච්ඡාවක් පැවැත්විමට නියමිතයි.

ඉන් අනතුරුව නත්තල් ගස සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි නියෝජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නත්තල් ගසේ ඉදිකිරීම් පසුගිය අගෝස්තු මස 18 වැනිදා ආරම්භ කෙරුණේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

අර්ජුන රණතුංග සමාජ සත්කාර පදනමේ මුලිකත්වයෙන් ඉදිවන මෙම නත්තල් ගස නිම කිරීමට වරාය අධිකාරියේ සේවකයින් 70 දෙනෙකුගේ පමණ ස්වෙච්ඡා ශ්‍රම දායකත්වය ලැබී තිබෙනවා.

එහි සංවිධායකයින් පවසන්නේ මෙම නත්තල් ගස ඉදිකිරිම වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න මුදලක් වැය වන අතර, ඒ සදහා මුදල් විවිධ සංවිධාන සහ ආයතනවලින් ආධාර වශයෙන් ලැබෙන බවයි.

මෙම නත්තල් ගස දෙසැම්බර් 20 වැනිදා විවෘත කිරීමටයි සැලසුම් කර තිබුනේ.

එහි අපේක්ෂිත උස අඩි 325 ක්.

කොළඹ - අගරදගුරු නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ගාලුමුවදොර ලොව උසම නත්තල් ගස තැනීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බවයි.

එමෙන්ම, අධික වියදම්කාරි අනවශ්‍ය සැරසිලිවලින් තොරව ආධ්‍යාත්මිකව ජීවිත අර්ථවත් කර ගැනීමට මේ නත්තලේදී කටයුතු කරන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මෙහි ඉදිකිරීම් අත්හිටුවීමට තීරණය කළ බවයි වරාය අධිකාරියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සංවිධායක කමිටුවේ සභාපති මංගල පී. ගුණසේකර කියා සිටියේ.

අද පැවති මාධ්‍ය හමුවට නත්තල් ගසේ නිර්මාණකරු වන එස්.ඞී.එම්. නානායක්කාරද එක්ව සිටි අතර නත්තල් ගස පිළිබඳව අදහස් දක්වද්දී ඔහු සංවේදී වුණා.

මේ අතර කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් මාධ්‍යවේදින් කළ විමසීමකදි ඔහු කියා සිටියේ නත්තල් ගස කතෝලික බැතිමතුන්ගේම සංකේතයක් නොවන බවයි.

යුරෝපයේ හිම වැටෙන ප්‍රදේශවල නත්තල් ගස් අලංකාර අයුරින් දිස්වන බවද ඔහු මෙහිදී සිහිපත් කළා.