කෝටි දෙකක කොකේන් අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

Wednesday, 07 December 2016 - 12:48

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කොකේන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල - තල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු නිලධාරින් විසින් ඊයේ (06) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් - දික්ඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 25 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

මත්කුඩු ජාවාරමේ නිරතව සිටි මොවුන් කොකේන් මිලදී ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීමෙන් පසු උපාය දූතයෙකු යොදවා අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.

මොවුන් සතුව තිබී කිලෝ 1 යි ග්‍රෑම් 10 ක් බරැති කොකේන් තොගයක් සොයා ගෙන ඇති අතර, සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව එම නිලධාරියා කියා සිටියා.