පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නට මරණ තර්ජන

Wednesday, 07 December 2016 - 12:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
තම ජීවිතයට මරණ තර්ජන එල්ල වී ඇති බව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ, මෙහෙයුම් කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අද (07) ප්‍රකාශ කළා.

අයවැය විවාදයට පෙර පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් මන්ත්‍රීවරයා තමන් මේ පිළිබඳව වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි.

මේ අතර, මතභේදයට තුඩු දුන් ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අයවැය විවාදයට එක්වෙමින් ඉල්ලීමක් කළා.

විදුලිබල හා බලශක්ති, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු, රාජ්‍ය ආරක්ෂක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු යන අමාත්‍යාංශ වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.