ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම සම්බන්ධව බැසිල්ට එරෙහිව නව චෝදනා පත්‍රයක්

Wednesday, 07 December 2016 - 12:48

%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය ජනාධිපතිවරණ සමයේ ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර රජයට රුපියල් මිලියන 29 ක මුදලක් අලාභ සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව නව චෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද ගොනුකළා.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මුදලින් මෙලෙස ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඊයේ ඉවත් කර ගත්තේ එම චෝදනා පත්‍රයේ තාක්ෂණික දෝෂ ඇති බව පවසමින්.

පසුව, කොළඹ මහාධිකරණය නඩුවෙන් හිටපු අමාත්‍යවරයා මෙන්ම, එහි තවත් විත්තිකරුවෙකු වූ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ද නිදහස් කිරීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත්, නීතිපතිවරයා විසින් අද නව චෝදනා පත්‍රයක් ගොනු කිරීම නිසා ඊට අදාළ නඩුව ඉදිරියේදී යළි විභාගයට ගැනෙනු ඇති.