ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 50 ඉක්මවයි

Wednesday, 07 December 2016 - 13:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+50+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනේ අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් අද අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ 6.5 ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුමාත්‍රා දිවයිනේ සිග්ලි නගරයේ ගොඩනැගිලි 40 ක් පමණ විනාශ වී ඇති අතර, දේවස්ථාන, ගබඩා සහ නිවාස ඊට අයත් වන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

මාර්ග ඉරිතලා ඇති අතර, විදුලි සැපයුම් මාර්ග රැසක් ද විනාශ වී ඇති බව එම වාර්තාවල සදහන්.