25 000 දඩය ගැන වාර්තාව මසකින්

Thursday, 08 December 2016 - 7:09

25+000++%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
රථවාහන නීති උල්ලංඝනය කිරීම සඳහා වන නව දඩ පත්‍රිකාව සකස් කිරීමට අදාළ කමිටු වාර්තාව මසක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදෙන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බස් සංගම් අතර ඉදිරියේදී පැවැත්වෙන තවත් සාකච්ඡාවකින් අනතුරුව මෙම වාර්තාව සකස් කරන බවයි.

රථ වාහන වැරදි 7ක් සම්බන්ධයෙන් වන දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුවේ සාමාජිකයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය සඳුදාද පැවැත්වුණා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීරගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි ද ඇතුළත්.