ජනපති ලබන සතියේ මලයාසියාවට

Thursday, 08 December 2016 - 7:55

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දින තුනක නිල සංචාරයක් සඳහා මේ මස 15 වනදා මලයාසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී මලයාසියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් 6 කට ද අත්සන් තබනු ඇති.

සංචාරක කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ සහයෝගීතාව, පුහුණු සහ පර්යේෂණ මෙන්ම රාජ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම ඉලක්ක කරගනිමින් මෙම ගිවිසුම්වලට අත්සන් තැබෙනවා.