මාගම්පුර වරායේ සේවකයින් අඛණ්ඩ සත්‍යග්‍රහයක

Thursday, 08 December 2016 - 18:19

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
හම්බන්තොට - මාගම්පුර වරායේ සේවය නියුතු මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් අද (08) අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

තමන් කඩිනමින් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස පවසමින් අදාල සමාගමේ සේවකයින් 483 දෙනෙකු ඊයේ (07) වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

ඊට රජය කඩිනම් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනුයි ඔවුන් අද දහවල් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ.

මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට අට්ටාලයක් මත හිද සේවකයින් සත්‍යග්‍රහයේ නිරත වන අතර, ඊට මාගම්පුර වරායේ තෙල් ගබඩා සංකීර්ණයේ සහ ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් ද එක්ව සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු අද එම ස්ථානයට පැමිණ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ නිළධාරින් දැනුවත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

තම ඉල්ලීමට රජය තවදුරටත් ප්‍රතිචාර නොදැක්වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි මාගම්පුර වරායේ සේවක කමිටුවේ සභාපති අයි.කේ.ඔමේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.         

 මේ අතර, හම්බන්තොට වරාය අවුරුදු 198 කට චීනයේ - චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමට ගෙන ඇති තීරණය නතර කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට විකිණීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිපදෙනෙකු අද විවිධ අදහස් පළ කරනු ලැබුවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ වරායේ අදක්ෂ පරිපාලනය නිවැරදි කිරීම පමණක් රජය අරමුණු කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සුදු අලියෙක් බවට පැවසූ වරාය ඩොලර් බිලියනයකට වැඩි මුදලකට විකිණීම ගැන ඊට චෝදනා කළ පාර්ශවයන් නිහඬව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ ආණ්ඩු පෙරලියත් සමඟ චීන ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරු සිදුකළ අනුවන ප්‍රකාශ හේතුවෙන් ගැටලූ රැසක් මතු වූ බවයි.