හම්බන්තොට වරාය ප්‍රතිසංවර්ධනයට චීන සමාගම සමග ගිවිසුම් රාමුවට අත්සන් තබයි

Friday, 09 December 2016 - 12:35

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රති සංවර්ධනය කිරීම සදහා ලක් රජය, චීන රජයට අනුබද්ධ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම සමග මූලික අවබෝධතාවන් ගිවිසුම් රාමුවකට අත්සන් තබා තිබෙනවා.

චීන සමාගම විසින් සිදුකිරීමට නියමිත නිසි ඇගයීම් ක්‍රියාවලියකට පසු ඊට අදාළ අනුග්‍රාහක ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග අවසන් ගිවිසුමේ කොන්දේසි පිළිබද සාකච්ඡා ක්‍රියාත්මක වනු ඇති.

හම්බන්තොට - මාගම්පුර වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රතිසංවර්ධනය කිරීම සදහා චීනයේ, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම සමග කළමනාකාරිත්ව ගිවිසුමකට එළඹීමට රජය මේ සතියේ තීරණය කළා.

ඒ අනුව, චීන ආයෝජකයාට එහි සියයට 80 ක අයිතියක් පැවරීමටයි යෝජනා වී ඇත්තේ.

චීන සමාගම මාගම්පුර වරායේ ප්‍රතිසංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 යි 2ක් ආයෝජනය කරන අතර, ඉන් ඩොලර් මිලියන 5 ක් අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග සුරක්ෂිතයක් ලෙස වහා ගෙවිය යුතු වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories