කඩුවෙල ලී මෝලක ගැටුමකින් අයෙක් මරුට

Friday, 09 December 2016 - 13:02

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කඩුවල - වෙලේ හන්දිය ප්‍රදේශයේ පිහිටි ලී මෝලක සේවකයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස්, එක් සේවකයෙකු විසින් අනෙක් සේවකයාට පිහියකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම ගැටුම හට ගෙන ඇති අතර, එහිදී තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලූයම ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා ගැටුම අතරතුර එල්ල කළ යකඩ පොලූ පහරකින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේ.