ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ අවම වයස් සීමාව සහ ගාස්තුව ?

Friday, 09 December 2016 - 14:51

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%3F
රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ අවම වයස් සීමාව වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසනවා.

ඊයේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ වයස් සීමාව හෝ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී අයකරනු ලබන ගාස්තුව වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශ වල රියදුරු පුහුණු පාසල් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාවගෙන් වැඩිමුදලක් අයකරගන්නා බවයි.

ඒ අනුව එම පාසල් විසින් රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 25 දක්වා ඉහළ දමන බවත් රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ ගාස්තුව 25000ක් දක්වා ඉහළ දමන බවත් පවසා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ජනතාව මුලාකර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ

කෙසේ වෙතත් දඩමුදල් ඉහලදැමීමට ගෙන ආ යෝජනා සමඟ දිවයින පුරා නව රියදුරු බලපත්‍ර විශේෂ ඉල්ලුමක් ඇතිවී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා.


මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 10:22

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක... Read More