Update : කෝටි 1200ක කොකේන් කිලෝ 800ක් කොළඹ වරායෙන් සොයා ගනී

Friday, 09 December 2016 - 16:43

Update+%3A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+1200%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+800%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොළඹ වරායේ නෞකාවක් තුළ තිබී අද සොයා ගත් කොකේන් තොගය දකුණු ආසියාවේ මෙතෙක් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කිලෝග්‍රෑම් 800ක බරින් යුත් මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200 ඉක්ම වන බවයි පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

පසුගිය ඔක්තෝම්බර් මස 12 වන දා ඉක්වදෝරයෙන් ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව බෙල්ජියම, ඉන්දියාව සහ සෞදි අරාබිය වෙත ගොස් ඊයේ කොළඹ වරාය වෙත පැමිණියේ ඉන්දියාවේ මුන්රා වරාය වෙත යාත්‍රා කිරීමටයි.

කෙසේ වෙතත්, මෙහි එක් බහාලුමක කොකේන් සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එම බහාලූම අද විවෘත කෙරුණු අතර, එහි තිබූ තේක්ක දැව අතර සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගත්තා.

මෙය ඉන්දියාවට ගොඩබෑමට නියමිතව තිබූ කොකේන් තොගයක් බවට සැක කරන බවයි අද පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.  

කෙසේ වෙතත්, මීට පෙර අවස්ථා කිහිපයකදී බ්‍රසීලයේ සිට ආනයනය කළ සීනි බහාලූම් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමුවුණා.

ඉකුත් ජුනි මස 14 වන දා ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ සැක කටයුතු බහාලූවක් තුළ තිබී කොකේන් කිලෝග්‍රෑම් 91ක් සොයා ගැනුණු අතර, පෑලියගොඩ - නුගේ පාරේ ගබඩාවක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 274ක් රේගුව විසින් සොයා ගනු ලැබුවේ පසුගිය ජුලි 21 වන දායි.

අනතුරුව පසුගිය මස 24 වන දා ඔරුගොඩවත්ත - රේගු අංගනයේ බහාලූමක තිබී රුපියල් බිලියන කොකේන් කිලෝග්‍රෑම් 219ක් සොයා ගත් අතර, එලෙස මහා පරිමාණයෙන් හමුවූ කොකේන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.




Update : Friday, December 9, 2016 19.07
-------------------------------------------------

කොළඹ වරායේ නෞකාවක් තුළ තිබී අද සොයා ගත් කොකේන් තොගය දකුණු ආසියාවේ මෙතෙක් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කිලෝග්‍රෑම් 800ක බරින් යුත් මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200 ඉක්ම වන බවයි පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

පසුගිය ඔක්තෝම්බර් මස 12 වන දා ඉක්වදෝරයෙන් ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව බෙල්ජියම, ඉන්දියාව සහ සෞදි අරාබිය වෙත ගොස් ඊයේ කොළඹ වරාය වෙත පැමිණියේ ඉන්දියාවට යාමටයි.

කෙසේ වෙතත්, මෙහි එක් බහාලූමක කොකේන් සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව අධිකරණයෙන් ලද නියෝගයකට අනුව එම බහාලුම අද විවෘත කෙරුණු අතර, එහි තිබූ තේක්ක දැව අතර සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගත්තා.