හම්බන්තොට වරායේ සත්‍යග්‍රහය තවමත් - තීරණ ගත්තේ තමන් නොවන බව ඇමති කියයි

Friday, 09 December 2016 - 19:00

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරිමකට අවසන් තීරණය ගනු ලැබුවේ තමන් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අරජුන රණතුංග පවසනවා.

එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව අමත්‍ය මණ්ඩලයට ඉදිපත් කරනු ලැබුවේ මලික් සමරවික්‍රම සහ සරත් අමුණුගම යන අමාත්‍යවරුන් බවයි.

හම්බන්තොට වරාය, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රති සංවර්ධනය කිරීම සඳහා ලක් රජය, චීන රජයට අනුබද්ධ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම සමඟ මූලික අවබෝධතාවන් ගිවිසුම් රාමුවකට ඊයේ අත්සන් තබනු ලැබුවා.

චීන සමාගම විසින් සිදුකිරීමට නියමිත නිසි ඇගයීම් ක්‍රියාවලියකට පසු ඊට අදාළ අනුග්‍රාහක ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ අවසන් ගිවිසුමේ කොන්දේසි පිළිබඳ සාකච්ඡා ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව, චීන ආයෝජකයාට එහි සියයට 80 ක අයිතියක් පැවරීමටයි යෝජනා වී ඇත්තේ.

චීන සමාගම මාගම්පුර වරායේ ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 යි 2ක් ආයෝජනය කරන අතර, ඉන් ඩොලර් මිලියන 5 ක් අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ සුරක්ෂිතයක් ලෙස වහා ගෙවිය යුතු වනවා.

මේ අතර, තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

මාගම්පුර වරායේ මහල් 14 කින් සමන්විත පරිපාලන ගොඩනැගිල්ලේ ඉහළම මහලේ එක් පිරිසක් ද වරායට පැමිණි නෞකාවක් අසළ මුහුදේ තවත් පිරිසක් සහ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තවත් පිරිසක් ද මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වනවා.

තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අදාළ සමාගමේ සේවකයින් 483 දෙනෙකු වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 7 වන දායි.

ඊයේ දිනයේදී වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග ද එහි පැමිණ සේවකයින් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර, එම සාකච්ඡාව අසාර්ථක වුණා.                 

මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ද අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය අර්ජුණ රණතුංග අදහස් පළ කළා.





උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More