මහින්ද, අගමැති සහ විපක්ෂ නායක හමුවේ

Friday, 09 December 2016 - 19:16

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකල යුතු අකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාව පැවති බවයි එම කාර්යාලය නිවේදනය කළේ.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්වීම විශේෂත්වයක්.

එසේම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ සහ ශෙහාන් සේමසිංහ ද අදාළ සාකච්ඡාව සඳහා එක්ව සිටි බව සඳහන්.

සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කරන අනු කමිටු වාර්තාවලට ඇතුළත් නොවීම පිළිබද මෙහිදී හිටපු ජනාධිපතිවරයා කරුණු හෙළි කළ බවයි.

එසේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමේදී අඩු කාලයක් ලබාදීම පිළිබඳ මෙහිදී අවදානය යොමු වී තිබෙනවා.