(Update) හම්බන්තොට වරායේ උණුසුම් තත්ත්වය අතරතුර තුවාල ලැබූ දෙදෙනෙකු රෝහලට (ඡායාරූප)

Saturday, 10 December 2016 - 12:10

%28Update%29+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත සේවකයන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ උත්සාහ කිරීමත් සමඟ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ වරාය සේවකයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශිකාවක කියා සිටියේ ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

වරාය තටාකයේ සිට සත්‍යග්‍රහයට සහය දුන් සේවකයන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ අද දහවල් උත්සාහ කිරීමත් සමඟ එම උණුසුම් තත්ත්වය හට ගත්තා.

එහිදී මාධ්‍යවේදියෙකුටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර, හම්බන්තොට පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා ඇති බව එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

Update :- Saturday, December 10, 2016 2.27pm
-------------------------------------------------------------------
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත සේවකයන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ වරාය තටාකයේ සිට සත්‍යග්‍රහයට සහය දුන් සේවකයන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පළමුව උත්සාහ කළ බවයි.

මෙම සේවකයන් වරාය තටකයේ රැදී සිටීම නිසා වරායට පැමිණි වරායට පැමිණි නෞකා දෙකකට පිටව යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

මේ පිළිබඳව නාවික හමුදා ප්‍රකාශක, කපිතාන් අක්‍රම් අලෙවිගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ සේවකයන් සමඟ සාකච්ඡා කර ගැටළුව විසදා ගැනීම සඳහා වරාය බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

හම්බන්තොට වරාය පරිපාලනයේ ඉල්ලීම මත පමණක් නාවික හමුදාව එම ස්ථානයට පැමිණි බව ඔහු සඳහන් කළා.

මේ අතර, තත්ත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීමක් සිදුවූ බව ද එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාවික හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට තොරතුරු වාර්තා වී නොමැති බවයි.




 (ඡායාරූප - අජිත් පුෂ්පකුමාර)





\
Tuesday, 07 July 2020 - 12:13

මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ... Read More

සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු... Read More