‘‘වර්ධා’’ නිසා මුහුද අදත් රළු වෙයි

Monday, 12 December 2016 - 8:47

%E2%80%98%E2%80%98%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
‘‘වර්ධා’’ සුළි කුණාටුව දිවයිනට ඊසාන දෙසින් කන්කසන්තුරේ සිට කිලෝමීටර 400 ක් පමණ දුරින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සුළි කුණාටුව අද සන්ධ්‍යා කාලයේ ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ ගොඩබිමට ඇතුලුවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙහි ඍජු බලපෑමක් දිවයින අභ්‍යන්තරයට නොමැති වුවත් මන්නාරම් බොක්ක සහ කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවල රළ තරමක් ඉහළ යා හැකි  බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර දිවයින හරහා විටින් විට තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි.   

වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම යාපනය දිස්ත්‍රික්කයට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.