පැය 72 ක් තුළ වෙනිසියුලාවේ මුදල් නෝට්ටු කාසි බවට පත්වෙයි

Monday, 12 December 2016 - 9:08

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පැය 72 ක කාලයක් තුළ අධික වටිනාකමින් යුත් මුදල් නෝට්ටු කාසි බවට පරිවර්තනය කිරීමට වෙනිසියුලානු රජය තීරණය කර තිබෙනවා.

මූල්‍ය ජාවාරම් මර්දනය සඳහා මෙම පියවර ගත් බවටයි ජනාධිපති නිකලොස් මදූරෝ ප්‍රකාශ කර ඇත්තේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන වෙනිසියුලාවේ උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.