‘‘වර්ධා’’ට මුහුණදෙන්න දකුණු ඉන්දියාව සූදානමින්

Monday, 12 December 2016 - 14:04

%E2%80%98%E2%80%98%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E2%80%99%E2%80%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වර්ධා සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ඇතුලු  ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වර්ධා සුළි කුණාටුව අද පස්වරුවේ චෙන්නායි ප්‍රදේශයට ඇතුලුවීමට නියමිත අතර මේ නිසා අධික වර්ෂාවත් සමඟ තද සුළං ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

සුළෙඟ් වේගය පැයට කිලෝමීටර  95 ත් 130 ත් දක්වා වැඩිවිය හැකි බවත්, මිලිමීටර 100 ත් 200 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවත් ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවනවා.

එමෙන්ම ජල ගැලීම් සහ නායයෑම් සමඟ විදුලි බලය ඇණහිටීම් සිදුවිය හැකි බව ඔවුන් පවසනවා.