‘වර්ධා’ සුළි කුණාටුව ශ්‍රී ලාංකිකයින් 500ක් අතරමං කරයි

Monday, 12 December 2016 - 19:10

%E2%80%98%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E2%80%99+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+500%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වර්ධා සුළි කුණටුව හේතුවෙන් චෙන්නායි වෙත සිය ගුවන් ගමන් හෙට උදෑසන 7 වනතුරු අත්හිටුවීමට ශ්‍රී ලංකන්, ජාතික ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානා දෙකක් ද අද ශ්‍රී ලංකාවට ගොඩබස්වනු ලැබුවා.

ඉන් එක් යානයක් වන්නේ කටුනායක සිට චෙන්නායි බලා පියාසර කරමින් තිබූ යූ එල් 121 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයයි.

වර්ධා සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පියවර ගැනීමත් සමඟ දඹදිව වන්දනාවේ පැමිණි මෙරට බැතිමතුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් චෙන්නායි ගුවන්තොටුපලේ සිරවී සිටින බවට වාර්තා වනවා.

එහි සිට හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ එලෙස සිරවී සිටින මගියෙකු ප්‍රකාශ කළේ ගුවන්තොටුපලෙන් පිටව යන ලෙසට බලධාරින් ප්‍රකාශ කිරීම හේතුවෙන් තමන් ඇතුළු පිරිස මේ වනවිට දැඩි අපහසුතාවයට ලක්ව සිටින බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, වර්ධා සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, දහසය දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන තිබෙනවා.

පැයට කිලෝමීටර් 120වත්, 130ත් අතර වේගයකින් සුළි කුණාටුව චෙන්නායි වෙත කඩා වැදුණු අතර, තමිල්නාඩුවට මෙන්ම යාබද ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට ද ඇති වී තිබෙන්නේ දැඩි වර්ෂාපතනයක්.

චෙන්නායි නුවර පාසල් සියල්ල අද වසා දැමුණු අතර, කාර්යාල සේවකයන් ද කලින්ම නිවෙස් බලා ගොස් තිබෙනවා.