බන්ධනාගාරගතවූවන්ගේ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම හෙළා දකින බව පිවිතුරු හෙළ උරුමය කියයි

Monday, 12 December 2016 - 19:18

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බන්ධනාගාර ගතවූවන්ගේ පෞද්ගලික තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළි කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය අද කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එහි ජාතික සංවිධායක මධුමාධව අරවින්ද

ලංකාවේ සිරකරුවන් රඳවලා තියෙන තැන්වල සියලු සිරකරුවන් මිනිස්සු කියලා අපිට මතක් කරලා දෙනවා. අපි දන්නවා රන්ජන් රාමනායක අමාත්‍යවරයා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අතිශය පෞද්ගලික කාරණා ඉතාමත් හොඳින් දැනුවත්ව ප්‍රකාශ කරන්න අරන් තියෙනවා. එලෙසම තමයි කට කැඩිච්ච කිසිම සාක්ෂියක් නැති කතා කියලා නඩුත් තාම තියෙනවා ඉවර නොවිච්ච. තියෙන ප්‍රශ්නය ඉතා සරලයි. ඔවුන්ගේ අතිශය පුද්ගලික කාරණා බණ්ධනාගාර නිලධාරීන් රැකිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ප්‍රශ්නෙ ඇවිල්ලා යමෙක් සිරකරුවෙක් බවට පත්වෙනකොට ඔහුට එන චෝදනා සමහර ඒවා සංඛේත හැටියට පේනවා.ඔළු පසාරුකරගත්ත තැන් අපි කිව්වා. නමුත් කිසිවෙකුට නොපෙනෙන අතිශය පුද්ගලික කාරණා බන්ධනාගාර කොමසාරිස්තුමා හෝ නිලධාරීන් හිරුණිකාට කිව්වාද? එහෙම නැත්නම් ඒ කෙනා සිරකරුවෙක් බවට පත්වෙන්නට කලින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒ අතිශය පුද්ගලික ස්ථාන සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලාද? ඔහොම හැසිරෙනවා නම් මම යෝජනා කරනවා දිනක පාර්ලිමේන්තුවෙත් ගහන්න සමහර මන්ත්‍රීවරුල වරියන් සත්තු කියලා.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්ව සිටි එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක ද ඒ පිළිබදව මෙලෙස අදහස් දක්වා සිටියා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මේ අතිශය පෞද්ගලික සිරකරුවන්ගේ අවයව පිළිබඳ සාකච්චා කොට ලබන මේ කුණු රසය ඒ අයගේ ආස්වාදයට හේතුවුණාට  මේ අවයව ගැන සාකච්චා කරමින් තලු මරමින් රස මරමින් මේ කරන මේ කුණුහරුප ගැන කතා නොකර නීතිය සාමය රකින අයට සිදුවන මේ අනර්ථය ගැන කතා  කළා නම් මීට වඩා වැදගත් කියලා. හිරිඔතප් තියෙන ලැජ්ජා භය තියෙන මේ රටේ ජනතාව මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැන්නවුන් මෙවැනි කතා කිරීම ජුගුප්සාසහගත ලෙස ඒවා ප්‍රතික්ෂේප කරනවා කියන කාරණය අපි කියනවා.