හම්බන්තොට වරායේ පිවිසුම් මාර්ගයක් විවෘත වේ - විරෝධතාකරුවන් අධිෂ්ඨාන පූජාවක

Monday, 12 December 2016 - 19:38

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
සේවක සත්‍යග්‍රහය හේතුවෙන් දින 6ක් පුරා අවහිර වී තිබූ මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව අද විවෘත කෙරුණා.

කෙසේ වෙතත් වරාය අධිකාරියේ කටයුතු වලට බාධාවක් සිදුවීම හේතුවෙන් සත්‍යග්‍රහයේ නියුතු සේවකයන්ගේ කැමැත්ත මත පොලීසිය මැදිහත් වී එය අද විවෘත කර ඇති බව සඳහන්.

සත්‍යග්‍රහයේ නිරත සේවකයන්ගේ සුවදුක් බැලීම සඳහා අද පෙරවරුවේ හම්බන්තොට සහ අම්බලන්තොට ඒකාබද්ධ භික්ෂු පෙරමුණේ මහා සංඝරත්නය වැඩම කළ අතර, එහිදී  සේවකයන්ට පිරිත් සජ්ඤායනා කර ආශිර්වාද කරනු ලැබුවා.

මේ අතර, දකුණු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද සේවකයින්ගේ සුව දුක් බැලීමට අද පෙරවරුවේ පැමිණියා.

මේ අතර, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ විරෝධයට මුවා වී කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි.