කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසිකම එපා කියයි

Tuesday, 13 December 2016 - 7:04

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කර මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට තමන් සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු යොමු කළ අයදුම්පත්‍රය මේ දිනවල සලකා බලමින් සිටින බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ ප්‍රකාශ කළේ.

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත වසරක සිර දඬුවමක් විදි කුමාර් ගුණරත්නම් පසුගිය 2 වන දා නිදහස ලැබුවා.

ඒ අනුව ඔහුට මාස 3ක කාලයක් මෙරට රැදී සිටීම සඳහා තාවකාලික වීසා බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ කියා සිටියේ.

මෙරට පුරවැසිභාවය ලබා ගත් පසු කුමාර් ගුණරත්නම්ට දේශපාලන කටයුතුවල නිරත විය හැකි බව ද ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.