පෞද්ගලික බස් වර්ජනය දා පහරදීම්වලින් ලංගමයේ පාඩුව මිලියන 3යි

Tuesday, 13 December 2016 - 12:59

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික බස් රථ රියදුරන් පසුගිය දා දියත් කළ වර්ජනය අතරතුර බස් රථවලට පහරදීම හේතුවෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලාභ සිදුවී තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක කියා සිටියේ එම මුදල් ගමනාගමන මණ්ඩලය වෙත ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟ වී ඇති බවයි.

මාර්ග වැරදි 7 ක් සඳහා දඩය රුපියල් 25000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් පසුගිය 1 වන දා මෙම වර්ජනය දියත් කෙරුණු අතර ශ්‍රී ලංගම බස් රථවලට සිදුවූ පහරදීම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් අතුරෙන් රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එල්ලවූ ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා සෙබලාගේ තත්ත්වය තවමත් අසාධ්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.