දිවයින පුරා අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Wednesday, 14 December 2016 - 10:04

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
දිවයින පුරා අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා

ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මක වන අතර, ත්‍රිවිධ හමුදාව, පොලිසියේ සහය ද මේ සඳහා ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් ද පෙන්නුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.