වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී කුඩා දරුවෙකු මරුට

Wednesday, 14 December 2016 - 10:16

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
උඩුපුස්සැල්ලාව - වැලිමඩ මාර්ගයේ ටලොස්වත්ත - හින්දු කෝවිල අසළ දී වෑන් රථයක් අඩි 130ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ දෙහැවිරිදි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනා උඩුපුස්සැල්ලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහරෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි උඩුපුස්සැල්ලාව පොලීසිය සඳහන් කළේ.

කතරගම වන්දනාවේ ගොස් නැවත එමින් සිටියදීයි මොවුන් මෙම අනතුරට ලක්වී ඇත්තේ.