මාගම්පුර සත්‍යග්‍රහයට අධිකරණයෙන් නියෝගයක්

Wednesday, 14 December 2016 - 18:12

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාගම්පුර වරායේ දේපළවලට සහ එහි දෛනික කටයුතුවලට බාධා පැමිණවීමෙන් වළකින ලෙස දන්වමින් වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරත සේවකයින්ට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් එම නියෝගය නිකුත් කළේ හම්බන්තොට පොලීසිය, පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින්.

කොන්දේසි හතකින් සමන්විත එම නියෝගය දින 14 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.

මේ අතර සත්‍යග්‍රහයේ නිරත මාගම්පුර වරායේ සේවකයින් හෙට පස්වරු දෙකට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සැළකීමට තීරණය කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.

අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ඔහු ඊට එක්වුණේ, අමාත්‍යාංශය වෙත පැමිණි  සත්‍යග්‍රහයේ නිරත සේවකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.

හෙට සිට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළා.

අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ සත්‍යග්‍රහයේ නිරත සේවකයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔවුන් කියා සිටියේ තම ඉල්ලීම් ලැබෙන තුරු අඛන්ඩව සත්‍යග්‍රහයේ නිරතවන බවයි.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More