හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ දෝෂය යථා තත්ත්වයට

Thursday, 15 December 2016 - 7:56

%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඊයේ දිනයේදී පරිඝනක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් හැඳුනුම්පත් සකස් කිරීමේ එක්දින සේවය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණා.

මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි දහසකට ආසන්න පිරිසක් දැඩි අපහසුතාවට පත්වූ බවටයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රි 8.30ට පමණ අදාළ දෝෂය යථා තත්ත්වයට පත් කර ඊයේ දිනයේ ඉල්ලුම් කර තිබූ සියලුම හැඳුනුම්පත් සකස් කර අවසන් කළ බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ කොමසාරිස් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.