දකුණු අධිවේගී මගට තරුණ ජීවිතයක් බිලිවෙයි

Thursday, 15 December 2016 - 8:50

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B6%9C%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබෙනවා.

අද අලුයම 12.10 ට පමණ මාතර දෙසට ධාවනය වු මෝටර් රථයක් ඇල්පිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරලීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබු 25 හැවිරිදි තරුණයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොරවක අලපලාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

ඇල්පිටිය පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.