ඕපනායකදී ගැටුමකින් අයෙක් මරුට

Thursday, 15 December 2016 - 10:05

%E0%B6%95%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඕපනායක - දොළකන්ද ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිිසිය සදහන් කළේ බහින් බස්වීමක් දුරදිග ගොස් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට බෝතලයකින් ඇණ ඇති බවයි.

ඉන් බරපතල තුවාල ලැබු ඔහු පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 21 ක් වන අකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තුවාල ලබා සිටින බැවින් කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.