ලොව හෙල්ලු දුරකථන ක්‍රීඩාවක් ලංකාවට

Thursday, 15 December 2016 - 12:24

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ස්මාර්ට් දුරකථන භාවිත කරන විදේශිකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබු Pokemon Go ක්‍රීඩාව මෙරට දුරකථනවලට ද ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුලු දකුණු ආසියාතික රටවල් කිහිපයකට එය නිල වශයෙන් හඳුන්වාදී ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

ශ්‍රී ලංකාව / ඉන්දියාව / පකිස්ථානය / නේපාලය / භූතානය සහ බංග්ලාදේශය යන රටවල ස්මාර්ට් දුරකථන හිමියන්ට මේ අනුව Pokemon Go ක්‍රීඩා කල හැකිවනු ඇති.

කැලිෆෝනියා සමාගමක් විසිනුයි මෙම ක්‍රීඩාව හඳුන්වාදී ඇත්තේ.

ඔවුන් පසුගියදා අගහරුවාදා නිවේදනය කලේ ජනප්‍රිය ආසියානු කලාපීය රටවලට ද Pokemon Go හඳුන්වාදෙන බවයි.

පසුගිය ජුලි මාසයේදී පළමුවරට  හඳුන්වාදුන් Pokemon Go ක්‍රීඩාව අමරිකාව ඇතුලු රටවල ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබුනා.

ඉන්දියාවේ මෙම ක්‍රීඩාව තහනම් කරන ලෙසට පසුගියදා ඉන්දීය බලධාරීන් විසින් පෙත්සමක් ද ගොනුකර තිබු බව සඳහන්.

Pokemon Go මේවන විට ලොව පුරා ස්මාර්ට් දුරකථන හිමිකරුවන් මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තිබෙනවා.