මෝදිගේ රහස් හෙළිකරන්න සැරසෙන ඉන්දියානුවා

Thursday, 15 December 2016 - 14:38

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F
ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් මේ වනවිට ඉන්දියාව පුරා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දූෂණ ක්‍රියා පිළිබඳ තොරතුරු රැසක් තමන් සතුව ඇතැයි යනුවෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙනුයි.  

එම තොරතුරු රටට හෙළි කරන ලෙසත්, නැතහොත් එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අගමැති මෝදිගෙන් සමාව ඉල්ලා සිටින ලෙසත් මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජිතයන් රාහුල් ගාන්ධිගෙන් ඉල්ලා ඇති බව සදහන්.  

අදාළ තොරතුරු තමන් විසින් ලෝග් සභාවේදී හෙළිකරන බව ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් ගාන්ධි ප්‍රකාශකර තිබෙනවා.