වසර තුනකට පසු ගිනි අවි 40ක් අධිකරණයට

Thursday, 15 December 2016 - 15:09

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
වැලිවේරිය - රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව යුද හමුදාව භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවි 40 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

2013 වසරේ අගෝස්තු මස පළවනදා පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් විසින් උද්ඝෝෂණයක නිරත වුණා.

එය පාලනය කිරීම සඳහා යුද හමුදාව වෙඩි තැබූ අතර සිද්ධියෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව අද භාර දුන් ගිනි අවි රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.


මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 10:22

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක... Read More