සංවර්ධන සැලැස්මට ජනපතිගෙන් ආයෝජකයන්ට ආරාධනා

Friday, 16 December 2016 - 7:15

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
ඉදිරි වසර 03 ශ්‍රී ලංකාවේ සංවර්ධන වර්ෂය ලෙස නම්කර ඇති අතර, නොබියව මෙරටට පැමිණ ආයෝජන සිදුකරන ලෙස සියලූ ආයෝජකයින්ට තමන් ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා - මැලේසියා ව්‍යාපාරික සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්වුණා.

දෙරටේ ආයෝජන මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩල සහ මහකොමසාරිස් කාර්යාල එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබුණා.

ඊට දෙරටේම ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී දෙරටේ ආයෝජන සහ වෙළඳ අවස්ථා පුළුල් කර ගැනීම සහ නව ප්‍රවේශයන් ඇතිකර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එම අවස්ථාවට එක්වු ආයෝජකයන් හමුවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදුකිරීම සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සපයාදීමට රජය සූදානමින් සිටින බවයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැලේසියානු සංචාරයේ දෙවන දිනය අදයි.